තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පේරාදෙණිය සරසවි සිසුන්ගේ මානසික තත්ත්වය ගැන හෙළිදරව්වක්

    පේරාදෙණිය සරසවි සිසුන්ගේ මානසික තත්ත්වය ගැන හෙළිදරව්වක්

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 140දෙනකු ඉකුත් මාස දෙකක පමණ කාලයේ දී විශ්ව විද්‍යාලයේ මනෝ උපදේශන සේවා සහාය ලබාගෙන ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි චන්දිමා හේරත් මහත්මිය පැවසුවාය.

    ඉන් සිසුන් 14 දෙනෙකු බරපතළ විෂාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කරගන්නා මට්ටමකට සිටි අය වූ බවද වෛද්‍යවරිය කීවාය.

    එම සිසුන් වහා රෝහල් ගත කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ද හේරත් මහත්මිය පැවසුවාය.

    සිසුවකු ආසාදිත තත්ත්වයට පත්වූ විට ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් නොතිබුණහොත් විශාද තත්වයට පත් ව ජීවිතය හානි කර ගන්නා තත්වයකට පත් වන බව ද වෛද්‍යවරිය සඳහන් කළා ය.

    විශාද තත්වයේ පසුවන පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී දේවාල හා කෝවිල් ගානෙ රැගෙන යාමෙන් රෝගී තත්ත්වය බරපතළ වන බවද වෛද්‍යවරිය පැවසුවාය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු ගෙවුණු මාස 8 ක පමණ කාලය තුළ සියදිවි හානිකර ගැනීම බරපතළ ඛේදවාචකයක් බව ද වෛද්‍යවරිය පැවසුවාය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img