තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක්

    විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ.

    ඉකුත් වසරේ පැවති අධ්‍යැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රාජකාරි කළ සහ පිළිතුරු පත් ඇගයීම් කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ සීයකට ආසන්න මුදලක් ද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කර ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ද ආදී වශයෙන් ගෙවීමට තිබෙන බව ද වාර්තා වේ.

    මේ පිළිබඳව කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ විභාග රාජකාරිවලට අදාළ ගෙවීම් කරන තෙක් ගුරුවරුන් ඉදිරි විභාග රාජකාරි කටයුතුවලින් ඉවත් වන බව ය.

    රටේ පවතින තත්ත්වය අනුව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ දීමනා ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද බව ද ස්ටාලින් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img