තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ කොන්‍ත්‍රාත් ගන්න නිලධාරීන්ට අල්ලස් දුන් 2ක් සිඩ්නි උසාවියට

    ශ්‍රී ලංකාවේ කොන්‍ත්‍රාත් ගන්න නිලධාරීන්ට අල්ලස් දුන් 2ක් සිඩ්නි උසාවියට

    * අල්ලස් දුන් සිඩ්නි සැකකරුවන් අත්අඩංගුවට ගන්න ශ්‍රී ලංකා පොලීසියෙත් සහය ලැබිලා

    ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම වෙනුවෙන් විදේශ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිඩ්නි ජාතිකයින් දෙදෙනෙකු අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඒ මොවුන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් දීර්ඝ කාලීනව කරන ලද විමර්ශනයකින් අනතුරුව ය.

    67 හැවිරිදි පුට්නිහි අයකු සහ 71 හැවිරිදි නිව්ටවුන්හි වෙසෙන අයකු මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

    SMEC Holdings Pty Ltd හි අනුබද්ධිත ඕස්ට්‍රේලියාව පදනම් වූ SMEC International Pty Ltd සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 8.8කට වඩා වැඩි වටිනාකමකින් යුත් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක අධීක්ෂණ කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා විදේශීය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දුන් බවට එල්ල වන චෝදනා පිළිබඳව මෙහිදී විමර්ශනය කර තිබුණි.

    2009 සිට 2016 දක්වා කාලය තුළ විදේශ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000කට වැඩි මුදලක් ගෙවීමට මෙම පුද්ගලයන් කුමන්ත්‍රණය කළ බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය චෝදනා කරයි.

    මෙම වරද සඳහා උපරිම දඬුවම වසර 10ක සිර දඬුවමකි.

    ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීස් නිලධාරීන් මෙම විමර්ශනයේදී ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව, ඕස්ට්‍රේලියානු වෙළඳ සහ ආයෝජන කොමිෂන් සභාව (ඕස්ට්‍රේඩ්), ශ්‍රී ලංකා පොලිස් සේවය, බංග්ලාදේශ පොලිසිය, ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය, රාජකීය කැනේඩියානු පොලිසිය, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img