තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිසැලේ ගින්නෙන් මුරකරු පිළිස්සී මියගිහින්

    මිරිහානේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිසැලේ ගින්නෙන් මුරකරු පිළිස්සී මියගිහින්

    මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද අලුයම ඇතිවූ ගින්නකින් එහි මුරකරු පිළිස්සී මියගොස් තිබේ.
    ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ගිනි ගැනීමෙන් මියගොස් ඇත.

    ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන ඇමතුමකට අනුව පොලීසිය එහි ගොස් කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැදවා මෙම ගින්න මැඩපවත්වා තිබේ.

    ගින්නට හේතුව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මතකය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img