තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය

    ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය

    ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අඩු පොලියක් යටතේ ලියාපදිංචි බැංකුවලින් ණය නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    එම ව්‍යාපාරිකයින්ට රුපියල් මිලියන 25 දක්වා ණය නිකුත් කරන අතර අඩු පොලියට සහ දිගුකාලීන පදනම යටතේ එම ණය නිකුත් කරන බව මහ බැංකුව සඳහන් කරයි.

    කෘෂි, ධීවර සහ පළාත් පාලන ක්ෂේත්‍ර ඇතුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට එම ණය ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මීට අමතරව ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දැනුම කුසලතා සහ මූල්‍ය සාක්ෂරතා දියුණු කිරීමටත් ඔවුන්ට වෙළෙඳපොළ අවස්ථා ලබාදීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩමුළු පවත්වන බවද මහ බැංකුව කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img