තවත්
    මුල් පිටුවspecialඋපන්දින තෑග්ගට පුටින්ට ට්‍රැක්ටරයක්

    උපන්දින තෑග්ගට පුටින්ට ට්‍රැක්ටරයක්

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ 70 වෙනි ජන්ම දිනය ඉකුත් සිකුරාදා දිනයට යෙදී තිබූ අතර එහිදී ඔහුට අමුතුම ආකාරයේ උපන්දින තෑග්ගක් හිමිවිය.

    ජනාධිපති පුටින් හට මෙලෙස හිමවූ තෑග්ග වූයේ නවතම ට්‍රැක්ටර් රථයකි. මෙම තෑග්ග බෙලරුස් හී ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් ලබාදෙනු ලැබීය. එලෙස තෑග්ග ලබාදීම සිදුවයේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි කොන්ස්ටන්ටින් මාලිගයේදී හිටපු සෝවියට් දේශයට අයත්ව තිබූ රාජ්‍යන් කිහිපයක නායකයින් හමුවූ අවස්ථාවේදීය.

    එම අවස්ථාවේදී බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් පුටින්ට මෙම ට්‍රැක්ටර රථයට අදාල සහතිකය පිරිනැමීම සිදුවිය.

    බෙලරුස් සෝවියට් යුගයේ සිට සිය ට්‍රැක්ටර් නිෂ්පාදනයට ප්‍රකවට සිටි අතර එය රට කර්මාන්ත ක්ෂේත්‍රයේ අභිමානය ලෙසද සලකනු ලබයි.

    දශක තුනකට ආසන්න කාලයක් හසෝවියට් දේශයෙන් බිඳී ගිය මෙම රජ්‍ය තුල එක්ධිපතිමය පාලනයක් ගෙන යන ලුකෂෙන්කෝ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිපුටින්ට තෑගි කළ ආකාරයේම ට්‍රැක්ටර් රථයක් තම ගෙවත්තේද භාවිතයට ගනු ලබන බවයි.

    බෙලරුස් ජනාධිපති ලුකාෂෙන්කෝගේ කාර්යාලය විසින් රුසියානු ජනාධිපති පුටින් හට ලබාදුන් තෑග්ග සම්බන්ධයෙන් ප්‍රකශයට පත් කළද ඊට ජනාධිපති පුටින් කවර ආකාරයේ ප්‍රතිචාරයක් දැකවුවේද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කර නොමැත.

    සෝවියට් දේශයෙන් බිඳි ගිය රාජ්‍යන් හී නායකයින් හමුවී කළ සාකච්ඡාව රුසියානු රූපවාහිනී නාලිකා වල ප්‍රචාරය කළ අතර එහිදී ජනාධිපති පුටින් පෙන්වා දී ඇත්තේ සෝවියට් දේශයෙන් බිඳිගිය රාජ්‍යණ් අතර ගැටුම් සමථයකට පත් කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම් අවශ්‍ය බවයි.
    කෙසේ වෙතත් මෙම අවස්ථාවෙදී ජනාධිපති පුටින් විසින් තමන්ට බෙලරුස් නායකා විසිල් ලබාදුන් අපූරු තෑග්ග සම්බන්ධයෙන් කිසිඳු සඳහන් නොකිරීමද විශේෂත්වයකි.

    ජනාධිපති පුටින් විසින් මෙහිදී ත්‍රස්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා අදාල රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවඅවධාරණය කරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img