තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වප් පුර පොහොය අදයි

    වප් පුර පොහොය අදයි

    වප් පුර පසළොස්‌වක පොහොය අදට (09) යෙදී තිබේ.

    තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් වප් පොහොයට යෙදී තිබෙනවා.

    සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩ සිටියේ අද වැනි පොහෝ දිනකයි.

    සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් ය.

    මේ අතර අද දින අද (09) වප් පොහෝය දිනයේ විහාරස්ථාන අඳුරේ තබමින් සිදුකරන විරෝධතාව අත්නොහරින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

    බලාපොරොත්තු වන සාධාරණය ඉටුවන තෙක් යම් අහිංසාවාදී විරෝධතාවකට එළඹීමට තීරණය කළ බවත් ඒ අනුව මෙවර පොහොය කළුවර වප් පොහොය ලෙස සම්මත කර අද පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි පහන් නිවා දමා ආගමික වතාවත් සිදු කිරීමට තීරණය කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img