තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ

    අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා”යන තේමාව යටතේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යාවරයා කීය.

    මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන්, සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ හිමි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

    ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද සේමසිංහ මහතා පැවසීය.

    සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img