fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ගෙන්වන - හදන අය ඇමති හමුවී ගත් තීන්දු

    වාහන ගෙන්වන – හදන අය ඇමති හමුවී ගත් තීන්දු

    මෙරට තුළ විදුලි වාහන නිෂ්පාදනය කෙරෙහි මෝටර් රථ කර්මාන්තකරුවන් දිරිගැන්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

    මෝටර් රථ කර්මාන්තකරුවන් වෙනුවෙන් විවිධ මෝටර් රථ හා මෝටර් රථ උපාංග නිෂ්පාදන සමාගම්, ආයතන මෙන්ම විවිධ මෝටර් රථ සංගම්වල නියෝජිතයන් පසුගියදා වැවිලි හා කර්මාන්ත අමාත්‍යවරයා සමඟ පැවති කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති විශේෂ හමුවකදී මේ බව සාකච්ඡා වී ඇත.

    වාහන එකලස් කිරීමේ කර්මාන්තය තුළ දේශීය නිෂ්පාදන ලෙසින් මෝටර් රථ උපාංග යොදා ගනිමින් අගය එකතුකිරීම් ප්‍රතිශතයක් ලෙස ඉහළ දමන නිෂ්පාදනයන් වෙනුවෙන් බදු සහන වැඩිකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

    මෙරටදි එකලස් හෝ නිෂ්පාදනය කෙරෙන මෝටර් රථ හෝ මෝටර් රථ උපාංග අපනයන ආර්ථික ප්‍රවාහයට එක් කරන ආකාරය පිළිබඳවත් මෙහිදී අවධාරනය යොමුව ඇත.

    එහිදී මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු හා අභියෝග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

    මෝටර් රථ කර්මාන්තය ඇතුළු රටේ සියලු කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙනුවෙන් නිර්මාණය කරගන්නා කර්මාන්ත ප්‍රතිපත්තිය රජයන් වෙනස් වනවිට වෙනස් නොවිය යුතු බවත් ඒ වෙනුවෙන් මේ මොහොතේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි හැමෝගෙම දායකත්වය ලබාගනිමින්, රටේ සියලු දේශපාලන පක්ෂත් දැනුවත් කරමින් නව ලොවට ගැලපෙන තිරසාර වූ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතු ය.

    එහි කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ඉක්මණින්ම එය ජනගත කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.