තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට ගොඩගන්න රජය ගන්න පියවර ගැන ලෝක බැංකුව කියන දේ..

    රට ගොඩගන්න රජය ගන්න පියවර ගැන ලෝක බැංකුව කියන දේ..

    මෙරට බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවත් එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ලෝක බැංකුව පවසයි.

    මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆාරිස් හැඩාඩ් සර්වෝස් මහතා සඳහන් කරයි.

    ෆාරිස් හැඩාඩ් සර්වෝස් මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

    කඩා වැටුණු ආර්ථිකය යථාවත් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම තවදුරටත් පාලන ප්‍රතිසංස්කරණ, පුළුල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකා රජයට සිය උත්සාහය දිගටම කරගෙන යාමට දිරිමත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

    භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img