fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයේ සාගිනි වැඩිවන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

    ලෝකයේ සාගිනි වැඩිවන රටවල් අතරට ශ්‍රී ලංකාවත්

    ලෝකයේ කුසගින්න පිළිබඳ අධිඅවදානම් රටවල් ලෙස ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් නම් කරන ලද රටවල් 48ක් අතර ශ්‍රී ලංකාව ද නම් කර තිබේ.

    ගෙවුණු සැප්තැම්බර අවසානයේ මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ මේ මාසයේ සිට ලබන ජනවාරි දක්වා වූ කාලය තුළ ලෝකයේ රටවල ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කරමිනි.

    එම වාර්තාවේ ශ්‍රී ලංකාව සාගින්න පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු රටවල් අතරට පත්ව ඇත්තේ හොන්ඩුරාස්, ගෝතමාලාව, මලාවි, සිම්බාබ්වේ, මැඩගස්කර් යන රටවල් ද සමඟයි.

    සිතියමෙන් දැක්වෙන්නේ ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව සාගින්න අතින් වැඩි අවධානයට ලක්විය යුතු රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති ආකාරය දැක්වෙන ලෝක ආහාර වැඩසටහන නිකුත් කරන ලද වාර්තාවයි.

    රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර සිටම, දේශගුණික කම්පන, කලාපීය ගැටුම් සහ වසංගතයේ වැඩිවන වාර ගණන සහ එහි බරපතලකම යන සියල්ල මෙම රටවල හානියට ලක් වෙමින් තිබෙන බව එම වාර්තාවේ සඳහන් ය.

    ආහාර නිෂ්පාදනය හා බෙදා හැරීම කඩාකප්පල් කරමින්, මිනිසුන් සහ පවුල් පෝෂණය කිරීමේ දුෂ්කරතාව ඉහළ දමමින් පිරිවැය ඉහළ ‍ගොස් තිබේ.

    යුක්රේනයේ යුද්ධයත් සමඟ තත්වය වඩාත් නරක අතට පරිවර්තනය වූ බව එම වාර්තාවේ දැක්වේ.

    මෙය ආහාර සහ පොහොරවල මිල තව තවත් ඉහළ නැංවූ අතර ආනයනකරුවන්ට හානියක් සිදු වූ අතර අපනයන සීමා පැනවීමට රටවල් කිහිපයක් පොළඹවන ලදී.

    ශ්‍රී ලංකාවේ දකුණු සහ මධ්‍යම පළාත්වල මහ කන්නයේදී ජාතික වී නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණ වන අතර ඉදිරි කන්නයෙදී සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින්
    ඇතැම් විට ඉදිරි අස්වැන්න තවදුරටත් අඩු කිරීමට ඉඩ ඇති බව ද එහි දැක්වේ.

    ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව, ණය පැහැර හැරීම සහ මූල්‍ය කඩාවැටීම යන කරුණු දේශපාලන අර්බුදයකට තුඩු දී ඇති ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක නව සැපයුම් දාම කඩාකප්පල් කිරීම් සහ මතුවෙමින් පවතින සාර්ව ආර්ථික දුෂ්කරතා ආර්ථික ස්ථාවරත්වයට බලපාන බව ද අදාළ වාර්තාව මගින් ලෝක ආහාර වැඩසටහන අවධාරණය කර සිටී.

     

    පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ආහාර අනාරක්ෂිතතාව අතින් අවදානම් රටවල් පිළිබඳ නිකුත් කරන ලද නවතම වාර්තාවක සිතියමයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.