තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක් කටාගේ මත්කුඩු ජාවාරමත් වැඩ - හෙරොයින් කිලෝ 02ක් එක්ක ගෝලයෙක් අල්ලයි

    හරක් කටාගේ මත්කුඩු ජාවාරමත් වැඩ – හෙරොයින් කිලෝ 02ක් එක්ක ගෝලයෙක් අල්ලයි

    ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටියත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි සීතාවක පොලිස් කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හෙළිකරගෙන තිබේ.

    එම මත්කුඩු ජාලය ගැන දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 65ක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 23ට අධික මුදලක්ද සමඟ හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක්ද එම පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සමීර තරිදු නොහොත් අමිත් නැමැති එම හරක් කටාගේ ගෝලයා අවිස්සාවේල්ල ඇපලපිටියේ පදිංචිකරුවෙකි.

    හරක කටාගේ මෙම ගෝලයා බෙදා හැරීම සඳහා හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 05ක් රැගෙන යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී ඊයේ අවිස්සාවේල්ල වත්තේකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇපලපිටියේ නිවස පරීක්ෂාකිරීමේදී රුපියල් විසිතුන් ලක්ෂ අසූපන්දහස් තුන්සියයක මුදලක් හමුවූ බව පොලීසිය කියයි. එම මුදල් මත්කුඩු ජාවාරමෙන් ඔහු උපයාගෙන තිබූ බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    අනතුරුව ගෙවත්තේ සැකකටයුතු ස්ථානයක් හාරා පරීක්ෂා කිරීමේදී වලදමා තිබුණු තවත් හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 60ක්ද හමුවී තිබේ.

    පොලීසිය සඳහන් කරනු සැකකරුගෙන් මෙම මත්කුඩු ජාවාරම ගැන බොහෝ තොරතුරු හෙළිවෙමින් ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img