තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියෙන් වෙඩි කෑ කොල්ලකරු මරුට

    පොලීසියෙන් වෙඩි කෑ කොල්ලකරු මරුට

    ගම්පහ ජා-ඇල පාරේ අකරවිට දී බැංකු සේවිකාවගේ අත් බෑගයක් කොල්ලකෑමට ගත් උත්සහයක් වැලැක්වීමට ගිය ඇගේ සැමියාට පිහියෙන් අන ඝාතනයකර පළාගිය අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට පිහියකින් පහරදීමට කළ උත්සහයදී ඊයේ පොලිසීය තැබූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ සැකකාර සැමියා මරුමුවට පත්ව ඇත.

    මෙම සැකකාර යුවල ඔවුන් කොල්ලකන මුදල් වලින් ඉදිකරමින් ඇති කොටුගොඩ මදුරුවිට පිහිටි නිවස වෙත පැමිණ සිටියදී පොලීසිය ඔවුන්ව කොටුකර ගැනීමට යාමේදී මෙම සිදුවීම වී තිබුණි.

    ගම්පහ අකරවිට ඝාතනය සිදුවන්නේ පසුගිය 21 වෙනිදාය. එහිදී තුවාල ලැබූ මිය ගිය පුද්ගලයාගේ මාමණ්ඩිය ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img