තවත්
    මුල් පිටුවspecialරුසියාව යුක්‍රේන භූමි අත්පත් කරගැනීමේ නිල උත්සවය හෙට

    රුසියාව යුක්‍රේන භූමි අත්පත් කරගැනීමේ නිල උත්සවය හෙට

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් සිකුරාදා යුක්රේනයෙන් අත්පත් කරගත් භූමී ප්‍රදේශ රුසියාවට ඈදෑ ගැනීම නිලවශයෙන් ප්‍රකාශයට පත්කරමින් අත්සන් තැබීමේ උත්සවයක් හෙට (30) දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

    මෙලෙස ජාධිපති පුටින් විසින් රුසියාවට අයත් බවට ප්‍රකාශ කරනු ලබන ප්‍රදේශයන් යුක්‍රේනයේ සමස්ථ භූමියෙන් සියයට 15ක් පමණ වීමද විශේෂකත්වයකි. මෙම භූමි ප්‍රදේශයන් රුසියාවට අත්පත් කර ගැනීම සඳහා දින පහක පමණ කාලයක් පුරාවට ජනමත විචාරණයක්ද පැවැත්විණි.

    රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොච් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන භූමි ප්‍රදේශ ඈදෑ ගැනීම සනිටුහන් කරන උත්සවය හෙට (30) එරට වේලාවෙන් පස්වරු 3ට පැවැත්වෙන බවයි. ඒ් අනුව ඒම උත්සවය ක්‍රෙම්ලින් මාලිගයේ ශාන්ත ජෝර්ජ් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

    රුසියාව විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී යුක්‍රේනය ආක්‍රමණය කළ අතර එහිදී රුසියාව විසින් යුක්‍රේනයේ සැලකිය භූමි ප්‍රදේශයක් සිය පාලනය යටතට ගැනීමට හැකිවිය. එලෙස ලබා ගත් ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, සපොරිෂියා සහ කෙර්සන් ප්‍රදේශවල පසුගියදා හදිසි ජනමත විචාරණයක් පැවැත්වූ අතර ඒමගින් ඒම ප්‍රදේශ වලට ජනතාවට රුසියාවට ඒක්වීමට හේ ඊට විරුද්ධ වීමට අවස්ථාව ලබා දෙන බවට පැවසීය.

    කෙසේ වෙතත් රුසියාව පැවැත්වූ ජනමත විචාරණය සම්බන්ධයෙන් බටහිර රාජ්‍යන් විශාල වශයෙන් විවේචනය කළ අතර දැඩි ආර්ථික සම්බාධක පැනවීමට පියවර ගන්නා බවට යුරෝපා කොමිසම ප්‍රකාශ කර තිබිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img