තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ජාතික රෝහලේ රසායනික පරීක්ෂණ ඇණහිටී

    කොළඹ ජාතික රෝහලේ රසායනික පරීක්ෂණ ඇණහිටී

    කොළඹ ජාතික රෝහලේ පහසුකම් නොමැති වීම නිසා මේ වනවිට රසායනික පරීක්ෂණ බොහොමයක් නතර වී ඇතැයි වාර්තා වේ.

    එම නිසා රෝගීන්ට බොහෝ විට මුදල් ගෙවා අවට ඇති පරීක්ෂණාගාරවලින් එම පරීක්ෂණ කරගැනීමට සිදුව ඇතැයිද වාර්තා වේ.

    අත්‍යවශ්‍ය රසායනාගාර පරීක්ෂණ රැසක් සිදු කිරීමට නොහැකිව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක නොමැති නිසා බවද ජාතික රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

    මේ පිළිබඳව කළ විමසුමකදී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ප්‍රතික්‍රියක නොමැතිවීමට හේතුව මුදල් නොමැතිකම සහ ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමකින් ප්‍රතික්‍රියක මිලදී ගැනීමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම බව ය.

    මේ අතර ජාතික රෝහලේ ඉහළ නිලධාරීන් ඇතැම් පෞද්ගලික රසායනාගාර සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වන අතර ඔවුන් ඉන් වාසි ලබාගන්නා බවද රවි කුමුදේශ් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img