තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුබසාධන වෙළදසැලේ බඩු ගෙදර ගෙනිච්චාට STF කාන්තා නිලධාරිනිය අත්අඩංගුවට

    සුබසාධන වෙළදසැලේ බඩු ගෙදර ගෙනිච්චාට STF කාන්තා නිලධාරිනිය අත්අඩංගුවට

    කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් විශේෂ කාර්යා බලකා මූලස්ථානයේ සුබසාධන ගෘහ විදුලි උපකරණ වෙළඳ සැලේ තිබුණු රුපියල් ලක්ෂ තුනහාමාරකට අධික භාණ්ඩ තොගයක් සිය පුද්ගලික පරිහරණයට යොදා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා පොලිස් පරීක්ෂිකාවක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

    සුබසාධන වෙළඳ සැලේ ඇති රුපියල් තුන්ලක්ෂ පනස්හතර දහස් දෙසිය හැත්තෑවක් වටිනා භාණ්ඩ අස්ථානගතව ඇති බව සමීපක්ෂණයකින් අනාවරණය වීමත් සමඟ ඒ ගැන සුබසාධන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක්ෂක රුවන් ශ්‍රීලාල් විසින් කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම නිලධාරිනියව අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සුබසාධන වෙළද සැල භාරව සිට ඇත්තේ මෙම නිලධාරිනිය බව විශේෂ කාර්ය බලකා තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img