fbpx
තවත්
    මුල් පිටුවspecialඅයිෆෝන්-14 නිෂ්පාදනය ඉන්දියාවට

    අයිෆෝන්-14 නිෂ්පාදනය ඉන්දියාවට

    ඇපල් සමාගම විසින් සිය නවතම අයිෆෝන් 14 මාදිලයේ ස්මාට් ජංගම දුරකථන ඉන්දියාව තුල නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත.

    ඇපල් සමාගමේ නිෂ්පාදනයන් නිපදවීම විවිධාංගීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙලෙස නවතම අයිෆෝන් දුරකථනය ඉන්දියාවේ නිපදවීම සිදුවන බව එම සමාගම සඳහන් කරයි.

    චීනය විසින් පසුගිය කාලය තුලදී අනුගමනය කළ ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට විශාල බලපෑමක් සිදුවිය. එහිදී චීනය තුල පැනවූ සංචරන සීමා හේතුවෙන් කර්මාන්ත ශාලා රැසක ක්‍රියාකාරිත්ව සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටිණ. ඒ අනුව චීනය තුල නිෂ්පාදන කටයුතු සිදුකරන එක්සත් ජනපද ව්‍යාපාර රැසකට විශාල අලාභයක් ලැබීමටද සිදුවිය.

    මෙම තත්ත්වය මත එක්සත් ජනපද සමාගම් රැසක් සිය නිෂ්පාදනය චීනයෙන් සිය නිෂ්පාදන කටයුතු ඉවත් කරගෙන වෙනත් රටවල් වෙත යොමු වීමට තීරණය කර තිබිණි.

    මීට අතිරේකව බිජිං පාලනය සමහ වොෂීන්ටනය අතර මේවන විට ඇතිව තිබෙන දැඩි උණුසුම්කාරී තත්ත්වය මෙලෙස චීනයෙන් නිෂ්පාදන කටයුතු විතැන් වීමට හේතුවී ඇති බවද බටහිර මාධ්‍ය වර්තා සඳහන් කරයි.

    ඇපල් සමාගම සිය නවතම තීරණය සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ “නව අයිෆෝන් 14 තුල නව තාක්‍ෂණයන් සහ වැදගත් ආරක්‍ෂිත හැකියාවන් හඳුන්වා දී ඇත. ඒ් අනුව මෙම නව අයිෆෝන් මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙනි.

    තායිවානය පදනම් කරගත් ෆොක්ස්කොන් විසින් ඇපල් සමාගමේ ජංගම දුරකථනවල වැඩි ප්‍රතිශතයක් නිෂ්පාදනය කරයි. එම සමාගම 2017 වර්ෂයේ සිට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

    ඇපල් සමාගම විසින් පසුගිය කාලය පුරාවටම ඉන්දියානු ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ දිගටම ආධිපත්‍යය දරන ඉතා ලාභදායී දකුණු කොරියානු සහ චීන ස්මාර්ට්ෆෝන් සමඟ තරඟ කිරීමට අරගල කරමින් සිටියි.

    ඒහෙත් ඉන්දියාව තුල ක්‍රියාත්මක තීරුබදු හේතුවෙන් ඇපල් නිෂ්පාදන තරඟකාරී මිලකට ඉන්දියාව තුල අලෙවි කිරීම අභියෝගයක්ව ඇත.

    ඒ් අනුව නවතම අයිෆෝන් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම සිදුකල උපාංග සඳහා අධික ආනයන බදු සහ අනෙකුත් බදු නිසා දුරකථන ඉන්දියාව තුළ මිල අඩුවනු ඇතැයි අපෙක්ෂා කළ නොහැකි බවද වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

    එබැවින් ඉන්දියානුවන්හට අයිෆෝන් හී ඉන්දියාවේ නිෂ්පාදිත ලෙස සටහන්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවුවද මිලදී ගැනීමට විශාල මුදලක් ගෙවීමට සිදුවන ඇති බවටද තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේඥයින් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ඉන්දියාව තුල නව අයිෆෝන් මාදිලිය නිපදවිම සිදුකිරීම පියවර ගැනීම අග්‍රාමත්‍ය නරෙන්ද්‍ර මෝදී පාලනය ලැබූ විශාල ජයග්‍රහනයක් වනු ඇත.

    ඒ් අනුව ඔහුගේ රජය මීට වසර 8කට පෙර ඉන්දියාවේ නිෂ්පාදන සහ අපනයන ඉහළ නංවාලිමට ගත් පියවර මේ වනවිට ඵලදායක වී ඇති බවද පෙනී යයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.