තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දවලදී මනාපෙ ගන්න කරන ඉවරයක් නැති වියදම් පාලනයට වැටක්

    ඡන්දවලදී මනාපෙ ගන්න කරන ඉවරයක් නැති වියදම් පාලනයට වැටක්

    මැතිවරණයකදී මනාප ලබාගැනීම සඳහා අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ සිදුකරන වියදම් පාලනය කිරීමේ නව නීති ඇතුළත් මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    එම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ විගස ගැසට් පත්‍රයේ පළ කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.

    නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ දී තරඟ කරනු ලබන අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් මනාප ලබාගැනීම වෙනුවෙන් අසීමාන්තික ලෙස වියදම් කිරීම පාලනය කිරීම සඳහා නව නීති ගෙන ඒම එම පනත මගින් සිදුවන බවද ඔහු කීවේය.

    මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් හා යෝජනා අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් එම කෙටුම්පත සකස් කළ අතර ඊට නීතිපතිවරයාගේ සහ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කොට ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් තේරීම්කාරක සභාවේ ද අනුමැතිය හිමිවී ඇතැයි නිමල් ජී පුංචිහේවා මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img