තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු සළිදුගේ ගෝලයෙකුගේ සුවිසල් නිවසක් තහනම් කරයි

    කුඩු සළිදුගේ ගෝලයෙකුගේ සුවිසල් නිවසක් තහනම් කරයි

    රටින් පළාගොස් ඩුබායි සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පානදුරේ කුඩු සලිදුගේ ගෝලයෙකුට අයත් පොල්ගස්ඕවිට පිහිටි සුවිසල් දෙමහල් නිවසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් තහනම් කරනු ලැබීය.

    මෙම නිවසේ වටිනාකම රුපියල් කෝටි 03ක් වන බවත් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් මෙම නිවස ගොඩ නගා ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු තහනම් කිරීමට පියවර ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මෙම නිවසේ හිිමිකරුවන කුඩු සළිදුගේ ගෝලයා මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. ඔහුගේ බිරිද මෙම නිවසේ පදිංචිව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img