තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවයි

    කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවයි

    ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා විසින් කතරගම ප්‍රාදේශීය සභාව ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ.

    කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සභාව ඉකුත් කාලයේ දී විෂම ක්‍රියා සිදු කර ඇත්දැයි පරික්ෂා කිරීමට ආණ්ඩුකාරවරයා විසින් මීට ඉහත දී විශ්‍රාමලත් අධිකරණ විනිසුරු එච්.එම්.ආර්. අනුර කුමාර මහතා පත්කර තිබුණි.

    මේ අතර එම පරීක්ෂණය සිදුකරන තෙක් ඉකුත් මැයි මස නම වැනි දින සිට ආණ්ඩුකාරවරයා විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

    විනිසුරුවරයාගේ වාර්තාව අනුව කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති අතර මොණරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img