තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පේරාදෙණිය සරසවියේ සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලීසියෙන්ම ඇපදී මුදාහරී

    පේරාදෙණිය සරසවියේ සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලීසියෙන්ම ඇපදී මුදාහරී

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවක් තුළ පසුගිය 14 වෙනිදා සිදුවූ සිසු ගැටුමකට සම්බන්ධ සිසුන් තිදෙනෙක් පේරාදෙණිය පොලීසියට අද පැමිණ භාරවී තිබේ.

    ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමඟ පැමිණය.

    එම සිසුන් තිදෙනා කලා පීඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුන්ය. ඒ අය අම්බලන්ගොඩ, කල්එළිය සහ තුන්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    පොලීසිය මෙම සිසුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත. පොලීසිය පවසන්නේ මෙම පහරදීම සම්බන්දයෙන් විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img