fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැට පැන්න දොස්තරලා 800ක් ලබන ජනවාරියේ ගෙදර - සෞඛ්‍ය පද්ධතිය අවදානමක

    හැට පැන්න දොස්තරලා 800ක් ලබන ජනවාරියේ ගෙදර – සෞඛ්‍ය පද්ධතිය අවදානමක

    වෛද්‍යවරුන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    වයස අවුරුදු 60 විශ්‍රාම යෑමේ තීරණය ක්‍රියාත්මක වුවහොත් මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ අනෙකුත් වෛද්‍යවරුන් පන්සියයක් පමණ ලබන ජනවාරි මාසයේදී එකවර සෞඛ්‍ය පද්ධතියට අහිමි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කීය.

    එලෙස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා සංශෝධනය කිරීම හේතුවෙන් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට අසහනකාරී තත්ත්වයක් ඇති නොවිය යුතු බව ද ඒ සඳහා වයස අවුරුදු 60ට වැඩි සියළු වෛද්‍යවරුන් වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය ට අනුගමනය කළ යුතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

    විශ්රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ වීමේ උපරිම වාසිය රටට ලබා දෙමින් සෞඛ්‍ය පද්ධතියට දැරිය හැකි උපරිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් අමාත්‍යංශ යටතේ පාලනය තුළ විදේශ රැකියා සඳහා යොමු යොමු කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

    එලෙස වෛද්‍යවරුන් විදේශ ගත කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය ලැබෙන බව ද වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට විසදුමක් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. Law is for all. Do not extend the age limit.Some of other professions could ask for it. There are many doctors with foreign qualifications wating for their turn.Recruit them.
      Get some private universities to operate here so that we could fulfill the necessary requirements of doctors .

    Leave a Reply to Left voterCancel reply