තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයනික සනීපාරක්ෂක තුවාවල බදු අඩු කිරීමට ජනපතිගෙන් තීරණයක්

    ආනයනික සනීපාරක්ෂක තුවාවල බදු අඩු කිරීමට ජනපතිගෙන් තීරණයක්

    ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති ගාස්තු සහ බදු අඩු කිරීමට ජනාධිපතිවරයා අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව ආනයනික සනිපාරක්ෂක තුවා සඳහා දැනට පනවා තිබෙන වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු මෙලෙස අඩු කිරීමට දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (21) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියාය.

    මේ පිළිබඳ වන තීරණය ගැසට් කිරිමෙන් අනතුරුව සනීපාරක්ශක තුවා අලෙවිකරුවන්ට පැරණි මිල ගණන්වලටම අලෙවි කිරීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    පාසල් දැරියන්ට රු. 150ක මිලකට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබා දීමට මෙරට දේශීය නිෂ්පාදකයෙකු මේ වන විට කැමත්ත පළ කර ඇති බව ද ඇය කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img