තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයින් 300ක් විදෙස් රැකියාවලට ගිහින්

    රාජ්‍ය සේවකයින් 300ක් විදෙස් රැකියාවලට ගිහින්

    පසුගියදා රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යංශය පැවසුවේ, එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවට අනුයුක්ත පිරිස් එලෙස විදේශගතව ඇති බවය.

    මීට අමතරව රාජ්‍ය අනුබද්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලවල පිරිසක් ද විදේශ රැකියා සඳහා යොමුව තිබේ.

    අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව විදේශ රැකියා සඳහා යොමුවන පිරිසකට වසර 5 ක වැටුප් රහිත නිවාඩු ලබා දෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img