තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැරදුණු මංකොල්ලයට ජීවිතයක් බිලිවේ

    වැරදුණු මංකොල්ලයට ජීවිතයක් බිලිවේ

    ගම්පහ අකරවිට ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත් බෑගයක් ඊයේ සවස කඩාගෙන පළායන්නට උත්සහ දරන්නේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකි.

    එම කාන්තාව සිය අත් බෑගය කොල්ලකන අවස්ථාවේදි එය තදින් අල්ලා තමා වෙත ඇදීම නිසා කොල්ලකාර යුවල බිම ඇද වැයෙන්නේ යතුරු පැදියද සමගිනි.

    ඒත් එක්කම එම කාන්තාව කෑ ගසන්නේ ඇති වූ බිය නිසාමය. එම කෑමොර හඬින් අසල නිවසක රැදී සිටි දෙදෙනෙක් එම ස්ථානයට පැමිණ මුලින්ම අල්ලාගන්නේ යතුරුපැදියේ පැමිණි කාන්තාවය. එහිදී එම යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා කාන්තාව මුදා ගන්නේ ඇයව අල්ලාගෙන සිටි දෙදෙනාට පිහියෙන් ඇනය. එහිදී බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මිය ගන්නේ ඔහුට මරණිය තුවාල සිදුවී තිබීම නිසාය. ඔහු අකරවිට පදිංචි 30 හැවරදි අයෙකි.

    පොලීසිය පවසන්නේ කොල්ලකාර යුවල පළාගොස් ඇත්තේ යතුරු පැදිය සමඟ කාන්තා අත් බෑග් තුනක්ද අතහැර දමාය. එම අත්බෑග් තුනම කොල්ලකා ඇති ඒවා බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img