තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ණය හිමියන්ගේ ප්‍රතිචාර IMF මුදල් ලැබීමට තීරණාත්මක සාධකයක්

    ණය හිමියන්ගේ ප්‍රතිචාර IMF මුදල් ලැබීමට තීරණාත්මක සාධකයක්

    ශ්‍රී ලංකාව ණය ලබාගත් ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    එළැඹෙන සිකුරාදා දින සිට ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව හෙතෙම කීය.

    ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා ණයහිමියන්ගෙන් ලැබෙන එකඟතාව තීරණාත්මක සාධකයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    රටේ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීම සඳහා පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තීරණ කිහිපයකට එළැඹිය යුතු බවත් එහි ප්‍රථම පියවර ලෙස විදුලි ගාස්තු, ඉන්ධන මිල, බදු ඉහළ නැංවීම අදිය තීරණ ගැනීමට සිදුවනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

    දෙවන පියවර ලෙස ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව පවතින බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

    වර්තමාන අර්බුදකාරි වතාවරණය තුළ එවැනි තීරණවලට එළැඹීමේදී සමාජයට එය වේදනාත්මක වනු ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img