තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි වාහන ගෙන්වන පළමු බලපත්‍රය නිකුත් කෙරේ

    විදුලි වාහන ගෙන්වන පළමු බලපත්‍රය නිකුත් කෙරේ

    විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ඩොලර් එවීමේදී ලබා දෙන ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත්‍රය අද නිකුත් කර තිබේ

    මේ පළමු වාහනය ගෙන්වා ගත්තේ දැනට විදේශගත ව රැකියාව කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි.

    ඒ අනුව ඔහුගේ බලය ලත් මෙරට නියෝජිතයා වෙත මේ බලපත්‍රය ප්‍රදානය කළ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    මේ වන විට විද්‍යුත් වාහන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව මේ පිළිබද විමසීම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වන තොරතුරු සහ අයදුම්පත්‍ර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකියාව තිබේ.

    මෙම අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතාද එක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img