තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සනීපාරක්ෂක තුවා මිල අඩු කරගන්න සාකච්ඡා අරඹයි

    සනීපාරක්ෂක තුවා මිල අඩු කරගන්න සාකච්ඡා අරඹයි

    සනිපාරක්ෂක තුවා මිල ඉහළ යාමේ ගැටළුව පිළිබඳ අද පස්වරුවේ දේශීය නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් සමඟ සමඟ සාකච්ඡාවක් පවත්වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව සනීපාරක්ෂක තුවා බදු මිල අඩු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සමගද සාකච්ඡාවක් පවත්වා ඒවායෙහි මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ සතියේ දී තීන්දුවක් ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශ්වාසය පළ කළේය.

    බදු ඉහල දැමීම හමුවේ සනීපාරක්ශක තුවා සඳහා දැනට පවතින 45%ක පමණ වන බදු අඩු කිරීමට හැකියාවක් තිබේද? එසේත් නොමැති නම් එහි මිල පහළ දැමීමට වෙනත් ක්‍රම පිළිබඳව සොයාබලන ලෙස විපක්ෂයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේ දී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මන්ත්‍රීවරිය එහිදී පෙන්වා දුන්නේ දැනට සුඛෝපභෝගී භාණ්ඩ ගණයට යටත් කොට ඇති සනීපාරක්ෂකතුවා කාන්තාවන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බැවින් එම ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසයි.

    ශ්‍රී ලංකාවේ දැනට සනිපාරක්ෂක තුවා නිෂ්පාදකයින් දෙදෙනෙකු පමණ සිටින නමුත් සෙසු සියල්ල ආනයනික සනිපාරක්ෂක තුවා වේ.

    බදු ඉහල දැමීම හමුවේ ආනයනික සනීපාරක්ශක තුවා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති අතර දේශීය නිෂ්පාදකයන්ට ද මිල ඉහළ දැමීමට සිදුව ඇත.

    මෙය පාසල් දරුවන්ට කාන්තාවන්ට සිය සෞඛ්‍යය තත්ත්වය පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවක් වී ඇතැයි පාර්ශව ගණනාවක් අමාත්‍යවරයා වෙත දන්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img