කොළඹ පොලිස් ස්ථානයක සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුට ඊයේ කොළඹදී පිහියකින් ඇන ගමන් මල්ල පැහැරගෙන ගොස් ඇත.
පිහි ඇනුම් කා තුවාල ලබා ඇති එම පොලිස් සැරයන්වරයා කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.
එම ගමන් මල්ලෙහි එම නිලධාරියාගේ පොලිස් නිල ඇදුම, රුපියල් 4000ක් සහිත මුදල් පසුම්බිය, රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකතනය සහ තවත් ඇදුම් කිහිපයක් තිබී ඇත.
මෙම පොලිස් සැරයන්වරයා සේවස්ථ පුහුණුවක් සඳහා කුරුණෑගලට ගොස් දින පහක නේවාසික පාඨමාලාවකට සහභාගිවී නැවත කොළඹට පැමිණ බස් රථයෙන් බැස ඊළග බස් රථයට ගොඩවීමට සූදානමින් සිටියදී මෙම කොල්ලය සිදුවී තිබේ.
මෙම කොල්ලය සිදුකර ඇත්තේ මට්ටක්කුලියේ සැරිසරන මත්කුඩු ලෝලියෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.