තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙසෙල්වත්තේ නිවසකට පැන වෙඩි තැබූ පාතාල අපරාධකරු ගිනිඅවියත් එක්ක මාට්ටු

    කෙසෙල්වත්තේ නිවසකට පැන වෙඩි තැබූ පාතාල අපරාධකරු ගිනිඅවියත් එක්ක මාට්ටු

    කෙසෙල්වත්තේ පිහිටි නිවසකට පසුගිය 08 වෙනිදා කඩාවැදී පුද්ගලයෙකුට වෙඩි තබා පළාගිය පාතාල අපරාධකරු වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

    කොළොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    අවුරුදු 26ක් වයසැති එම පාතාල අපරාධකරු කෙසෙල්වත්තේ පදිංචිකරුවෙකි. ඔහු සතුව තිබි ගිනි අවියට අමතරව හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 945ක්ද තිබී ඇත.

    ඊට අමතරව මෙම වෙඩි තැබීමට මොහුට සහය දුන් තවත් සැකකරුවෙක්ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුවද හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 720ක් තිබී හමුවි ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img