තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාව ගැන මැතිසබේ විවාදය අද

    ජාතික සභාව ගැන මැතිසබේ විවාදය අද

    යෝජිත ජාතික සභාව නමින් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

    අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා අදාළ විවාදය පවත්වා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

    ජාතික සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමවේ.

    අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් එම කාරක සභාව සමන්විත වේ.

    කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟපෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කිරීම ජාතික සභාව මගින් යෝජනා කර තිබේ.

    මේ අතර පැවති කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එහි මූලික පියවරක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවලදී පාසල් ශිෂ්‍යයන් ඇතුළු පාර්ලිමේන්තු නැරඹීමට ඉල්ලීම් සිදුකරන පාර්ශවයන්ට ඒ සඳහා අවසර ලබාදීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් ද අද දිනයේ සිට ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img