තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව - උසස් පෙළ විභාග දින මෙන්න..

    5 ශිෂ්‍යත්ව – උසස් පෙළ විභාග දින මෙන්න..

    5 ශ්‍රේණීයේ සිසුන් සදහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2022) සදහා දින විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණීයේ සිසුන් සදහා පැවැත්වෙන විභාගය 2022 දෙසැම්බර් 04 වනදා පැවැත්වීමට නියමිතයි.

    අ.පො.ස. උසස් පෙළ විභාගය 2022 වර්ෂයේ දෙසැම්බර් 05 වනදා සිට 2023 වර්ෂයේ ජනවාරි මස 02 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සදහන් කළේ 2022 වර්ෂයට නියමිත පාසල් වාර සටහන සමග විභාගය පැවැත්වෙන දින ගලපා ඇති බැවින් මෙම දිනයන්ගේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img