fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය ප්‍රතිකාරවලට විදෙස්ගත වන දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් වෙතින් විශේෂ වැඩසටහනක්

    වෛද්‍ය ප්‍රතිකාරවලට විදෙස්ගත වන දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් වෙතින් විශේෂ වැඩසටහනක්

    විවිධ රෝගාබාද සඳහා ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට විදෙස් ගතවන දරුවන් වෙනුවෙන් අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදෙනු ඇත.

    එසේ විදෙස්ගත වන දරුවාට මෙන්ම භාරකරුට ද අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලන්කන් කෙයාර්ස් විසින් ලබාදීමට නියමිතය.

    ඒ අනුව ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන දරුවන්ගේ තොරතුරු පහත දුරකථන අංකයට ලබාදිය හැකිය.

    ලිහිණි මීගල්ල මහත්මිය – 0197332942

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.