තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිලියනයක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවෙක් අල්ලයි

    මිලියනයක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවෙක් අල්ලයි

    වැල්ලම්පිටිය ප්‍රදේශයේ මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටින ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකුව රුපියල් මිලියනයක මුදලක්ද සමඟ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තේය.

    වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිංචිකරුවෙක් වන ලහිරු නැමැති මෙම මත්කුඩු ජාවාරම්කරුව හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 160ක් සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් වැල්ලම්පිටියේදී මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් 956000 මුදලක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img