තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තනි පුද්ගලයෙකුට මාසෙකට කන්න බොන්න විතරක් දැන් රුපියල් 13,000ත් මදි

    තනි පුද්ගලයෙකුට මාසෙකට කන්න බොන්න විතරක් දැන් රුපියල් 13,000ත් මදි

    ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන නිල දරිද්‍රතා රේඛා සටහනට අනුව ජුලි මාසයේදී එක් පුද්ගලයෙකුට කෑම බීමට පමණක්

    රුපියල් 13,138ක් අවම වියදමක් දැරීමට සිදුව ඇත.

    මෙම වසරේ ජනවාරි මාසයේදී මෙම තත්ත්වය පැවතියේ රුපියල් 8923ක් ලෙසිනි. ඒ අනුව පෙනී යන්නේ ගෙනී ගිය මාස 08ක කාලය තුළ එම ගණන රුපියල්

    4215කින් ඉහළ ගොස් ඇති බවය. එය සියයට 50කට ආසන්න ප්‍රමාණයකි. ජූනි මාසයේ එම ගණන සටහන් වූයේ රුපියල් 12,444ක් ලෙසිනි.

    ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තයන්ට අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන්නන්ටය. එම ගණන

    රුපියල් 14,169කි. අඩුම වියදමක් දැරීමට සිදුවන්නේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ ජීවත්වන්නන්ටය. එම ගණන රුපියල් 12,562කි.

    මෙසේ නිල දරිද්‍රතා රේඛවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව ජුලි මාසයේ වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා

    සංඛාලේඛන දොපර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව අගොස්තු සහ සැත්තැම්බර් මාසවලදී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනු ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img