තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවල් බිඳින - මාල කඩන හොරු වැඩිවෙලා

    ගෙවල් බිඳින – මාල කඩන හොරු වැඩිවෙලා

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එක් දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක් පමණ වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් සිදු කරන බවට වාර්තා වන බවයි.

    ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැඩිවි ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

    මේ අතර මේ දිනවල දකුණු පළාතේ සිදුවන ඝාතන මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

    ලේකම්වරයා සඳහන් කළේ, එම ඝාතනවලට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර පවතින ආරවුල් බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img