නියමිත මිලට වඩා වැඩිමිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ය.
දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව සභාපතිවරයා පැවසීය.