රජයේ රෝහල්වල නැවත වතාවක් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු ඇතුළු ඖෂධ වර්ග 60 කට අධික ප්‍රමාණයක හිඟයක් මතුව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසීය.
පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන්, අධික රුධිර පීඩන රෝගීන්, හෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් ඇතුළු රෝගීන් ගණනාවකට ලබා දෙන එම ඖෂධවල හිඟය නිසා රෝගීන් දුෂ්කරතාවට පත්ව ඇතැයි අජිත් පී තිලකරත්න මහතා පැවසීය.
මේ වන විට කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග හිඟව තිබෙන අතර තවත් සති දෙකකින් පමණ තවත් ඖෂධ තොගයක හිඟයක් මතුවන බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පැවසීය.
විශේෂයෙන් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැති වීමෙන් එම රෝගීන් දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
හිඟව තිබෙන ඇතැම් ඖෂධ වර්ග එතරම් මිල නොවන ඒවා නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඖෂධ මිලදී ගැනීමට හෝ ආනයනයට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර නැතැයි ද එමඟින් රෝහල් පද්ධති කඩා වැටීමේ අවදානමක් කඩාවැටීමේ අවධානමක් පවතින බවද තිලකරත්න මහතා කීය.