තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇල්ලවල ඇල්ල නැවතත් සංචාරකයන්ට විවෘත වෙයි

    ඇල්ලවල ඇල්ල නැවතත් සංචාරකයන්ට විවෘත වෙයි

    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දර දිය ඇල්ලක් වන ඇල්ලවල දිය ඇල්ල නැරඹීම සංචාරකයන්ට පනවා තිබුණු තහනම වැල්වාය ප්‍රාදේශීය ලේකම් විසින් ඉවත්කරමින් අද සිට සංචාරකයන්ට ඇල්ල නැරඹිමට අවස්ථාව උදාකර දී තිබේ.

    ඇල්ල නැරඹීමට පැමිණ එහි දිය නෑමට ගොස් දියේ ගිලී සිදුවූ මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ ඇල්ල නැරඹීමට සංචාරකයන්ට තහනමක් පැනවීමට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පියවර ගෙන තිබුණේ ඉකුත් මාර්තු මාසයේ 03 වෙනිදා සිටය. ඒ ආරක්ෂක පියවර ගන්නා තෙක්ය.

    ඒ අනුව ඇල්ල ආශ්‍රීතව ප්‍රදේශයේ ආරක්ෂක සලකුණු මේ වන විට දමා දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කරමින් ආරක්ෂක පියවර රැසක් ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img