මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංවන විජේසේකර පවසන්නේ මීටර් සවිකර ඇති සහ මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.
වැඩි කරන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දැනට ත්‍රීරෝද රථ ලබාදෙන ලීටර් 5 ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට හැකියාව පවතී.