තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා වැස්සෙන් ජලය පිරුණු කාණුවක වැටී පාසල් සිසුවා මිය යයි

    මහා වැස්සෙන් ජලය පිරුණු කාණුවක වැටී පාසල් සිසුවා මිය යයි

    කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සචිත්‍ර සේනානායක පාසල නිමවී අද දහවල් සිය නිවාස බලා ගමන් කළේ පොද වැස්සේ තෙමෙමිනි.

    මේ සිසුවාගේ නිවස පිහිටා ඇත්තේ කුරුණෑගල ජයන්තිපුරය. පාසලේ සිට සචිත්‍ර ගමන් කරන්නට වූයේ පා ගමනින්ය.

    වැසි ජලයෙන් පිරී ඉතිරීගොස් තිබුණු කාණුවකට සචිත්‍ර ඇද වැටෙන්නේ නිවසට කිට්ටුව පාතකදීය. සචිත්‍ර කාණ්වට වැටෙන්නේද කුරුණෑගල බණ්ඩාරණායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන පාසල් වෑන් රථයකට ඉඩ දෙන්නට ගොසිනි. පය ලිස්සා සචිත්‍ර කාණුවට ඇද වැටෙනු කිසිවෙක් දුටුවේ නැත. එය ගැඹුරු කාණුවකි. ජල පහරද වේගවත්ය. සචිත්‍රව ජලයේ ගසාගෙන ගියේය.

    මද දුරක් ගසාගෙන ගිය සිසුවා එක තැනක සිර විය. ඒ බෝක්කුවක් තුළය. ඒ වන විටත් සචිත්‍ර සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමිනි. සචිත්‍ර සිටියේ ජලයේ ගිලීය. පොත් බෑගය තිබුණේ පාවෙමිණි. එම බෑගය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් ඒ ගැන විමසිලිමත් වීමේදී සචිත්‍ර බෝක්කුවේ සිරවී ඇති අයුරු ඔහු දුටුවේය. ඔහුට කෑ ගැසුනේය. ඒ හඩ ඇසුණු බොහෝ පිරිසක් එතැනට රැස්විය. යුද හමුදාවේත් පොලීසියේත් නිලධාරීන් එහි ආවේය. පැය භාගයක පමණ කාලයක් පුරාවට කෙරුණු මෙහෙයුමකින් පසු සචිත්‍රව ගොඩ ගත්තේය. ඒ බෝක්කුව බැකෝ යන්ත්‍රයකින් කඩා බවත්කර දමමිනි.

    ජීවිතය බේරා ගැනීමට සචිත්‍රව රැගෙන යන්නේ කුරුණෑගල රෝහලටය. එහි දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරන සවිත්‍රෙග් ජීවිතය ගලවා ගන්නට වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය නොකල දෙයක් නැති තරම්ය. අවසානයේදී සචිත්‍ර දෑස් පියාගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img