තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩු කළ විශ්‍රාම වයස් සීමාව අදාළ නැති තවත් පිරිසක්

    අඩු කළ විශ්‍රාම වයස් සීමාව අදාළ නැති තවත් පිරිසක්

    රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කළ ද අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව වෛද්‍යවරුන් හා හෙද කාර්යමණ්ඩලය විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 හා ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 61 මට්ටමේ තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.

    ඒ සඳහා ඉදිරියේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන බවද ඉන් පසුව අදාළ උපදෙස් නිකුත් කරන බව බවද එම ආරංචි මාර්ග කියයි.

    රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 65ක් ව තිබූ අතර රජයේ අතුරු අයවැය මගින් ඉකුත්දා එම වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කෙරිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img