තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයක් වැඩි වෙලා

    ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයක් වැඩි වෙලා

    සාමාන්‍යයෙන් වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී විජේසුරිය මහතා පැවසුවේ, දරුවන් අතරද ඩෙංගු ‍රෝගය පැතිරෙමින් පවතින බවය.

    මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 43,393 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇතතේ, ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 11,119 කි.

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img