fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයරුසියාව තවමන් යුරෝපය ගෑස් දෙන දිනයක් නෑ - යුරෝපයම බලශක්ති අර්බුදයක

    රුසියාව තවමන් යුරෝපය ගෑස් දෙන දිනයක් නෑ – යුරෝපයම බලශක්ති අර්බුදයක

    රුසියාව විසින් යුරෝපා කලාපයට ගෑස් සැපයීම යලි ඇරඹිය හැකි දිනයක් ප්‍රකාශයට පත් නොකිරීමත් සමග එම කළාපය ඉතිහාසයේ මෙත් අත් නොවිදි දැඩි ඉන්ධන අර්බුදයට මුහුණ දී ඇති බවට වාර්තාවේ.

    යුරෝපයට රුසියාවේ සිය ගෑස් සපයනු ලබන ප්‍රධාන ගෑස් නල මාර්ගය වන නෝඩ් ස්ට්‍රීම් පසුගියදා වසා දැමිණි. එය අද දින (03) යලිත් විවෘත කරන බවට පැවසුවද එය අපෙක්ෂා කළ අයුරින් විවෘත කිරීමට නොහැකි බවට රුසියාව පවසයි.

    නෝඩ් ස්ට්‍රීම් නල පද්ධිතයේ හදිසිසේ සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලස ගෑස් සැපයුම් අපේකෂා කළ පරිදි යලි ආරම්භ කිරීමට නොහැකි බවද රුසියාව සඳහන් කරයි.

    කෙසේ වෙතත් ජර්මනිය ඇතුළු යුරොපා රටවල් ගැස් සඳහා උපරිම මිලක් නියම කිරීමට තිරණය කිරීමත් සමග රුසියාව විසින් සිය ගෑස් සැපයුම යලි ඇරඹීම ප්‍රමාද වන බව පැවසීම ජාත්‍යන්තර අවදානයක් දිනා ගැනීමට සමත්විය.

    යුරෝපය බලවත්ම ආර්ථිකය වන ජර්මානිය සිය ගෑස් අවශ්‍යතාවෙන් වැඩි ප්‍රතිශතයක් රුසියාවෙන් සපුරා ගන්නා අතර සමස්ථ යුරෝපයේ ගෑස් අවශ්‍යතාවෙන් සියයට 30කට අධික ප්‍රතිශතයක් රුසියානු ගෑස් වලින් සපුරා ගනු ලබයි.

    ඒ අනුව ඉදිරියේදී යුරෝපයේ දැඩි බලශක්ති අර්බුදයක් නිර්මානය වන අතර ඉදිරියේදී එළෑඹෙන සීත සමයේදී නිවෙස් උණුසුම් ගැන්වීම සම්බන්ධයෙන්ද දැඩි අභියෝගයක් නිර්මාණය වී ඇත

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග යුරෝපා රටවල් රුසියාවට දැඩි ආර්ථික සම්බාධක පනවමින් එරට ආර්ථිකය කඩා වැට්ටීමට උත්සහ කළද මේවන විට යුරෝපා රටවල් ආර්ථික සම්බාධක තමන්මට පාරා වලල්ලක් වී ඇත.

    රුසියාව යුරෝපයට බලපෑමක් කරන නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් අසල රුසියානු වෙරළ තීරයේ සිට ඊසානදිග ජර්මනිය දක්වා බෝල්ටික් මුහුද යට කිලෝමීටර් 1,200 (සැතපුම් 745) විහිදේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.