තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොලින්ජාඩියේ අනතුරින් දෙදෙනෙක් මියයයි

    කොලින්ජාඩියේ අනතුරින් දෙදෙනෙක් මියයයි

    කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව කොළොන්ජාඩියේ දී අද අලුයම සිදුවූ යතුරු පැදි අනතුරකින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    එසේ මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාය. ඔවුන් කොළඹ 10 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    අධිකවේගයෙන් ඔවුන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ නතරකර තිබුණු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    යතුරුපැදිකරු එම ස්ථානයේදීත් පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුවත් මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img