තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටු සභාපති ඇතුළු මන්ත්‍රීවරු 13ක් ස්වාධීන වෙති

    පොහොට්ටු සභාපති ඇතුළු මන්ත්‍රීවරු 13ක් ස්වාධීන වෙති

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12ක් පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සෙසු සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටී.

    පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් 13 දෙනා අද සිට ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට ජීඑල් පීරිස් මහතා නිවේදනය කළේය.

    මේ අතර විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img