තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන්ගේ මන්දපෝෂණයට වහාම විසඳුම් දෙන්න - ලංකා ගුරු සංගමය

    දරුවන්ගේ මන්දපෝෂණයට වහාම විසඳුම් දෙන්න – ලංකා ගුරු සංගමය

    යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කළ බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

    රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් තිබියදී වත්මන් රජය මුනිවත රැකීම පුදුම සහගත බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

    පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ එක් දරුවකුට ලැබෙනුයේ රුපියල් තිහක් වන අතර අද වන විට බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා ආහාර සැපයුම්කරුවන්ට පාසල්වලට ආහාර සැපයීමෙන් ඈත් වී සිටින බවද බව ද ස්ටාලින් මහතා කීය.

    සෑම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර දෙමව්පියන්ට දරුවන් පෝෂණය කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

    මෙම ගැටළුවට රජය ගන්නා විසඳුම් කඩිනමින් රටට පැහැදිලි කරන කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. පොහොර ණයට ගත් ටොන් 40,000ක් එන්න කලින් ගබඩාවෙන් තිබුණූ පෝහොර ටොන් 10,000 බඩ ඉරිඟු ගොවින්ට බෙදා දුන්නේ නැහැ.
      ඒනිසා සත්තුන්ට ආහාර හිගයක් ඇති උනා. බිත්තර සහ කුකුල් මස් මිල අධික උනා සොච්චම් අල්ලස් නිසා මුලු රටටම මන්දපෝෂණ ප්‍රශ්න.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img