තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශබන්දුට පහරදුන්නාට වරාය රියදුරු අත්අඩංගුවට

    දේශබන්දුට පහරදුන්නාට වරාය රියදුරු අත්අඩංගුවට

    බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කොල්ලුපිටිය පෙරහර මාවතේ දී කළ පහරදීමක් සම්බන්ධයෙන් කොළඹ වරායේ සේවයේ නිරත රියදුරෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

    ඔවුන් තිදෙනා පිටබැද්දර සහ කොළඹ මෝදර පදිංචිකරුවන්ය.

    මෙම පහරදීම මැයි 10 වෙනිදා සිදුවිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන්ට අතින් පයින් සහ පොලුවලින් පන්න පන්නා පහරදී ඇති බවය. එම පහරදීම් සම්බන්ධයෙන් මේ වන සැකකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img