රටේ පවතින උද්ධමනය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් 61,000කට මාසිකව රුපියල් 10,000 බැගින් මාස 4ක කාලයක් ලබා දීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරේ.
භූමිතෙල් මිල ඉහළ යාම හේතුවෙන් අගතියට පත් ධීවර සහ වතු ප්‍රජාවට සහන සැලසීමට ද එමගින් යෝජනා කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින්ට ලබාදෙන දීමනා රුපියල් 5000 සිට 7500 දක්වා වැඩි කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.
මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතුරු අයවැය මගින් මේ බව යෝජනා කර ඇත.
ජනසවිය නමින් පටන් ගත්තු ක්‍රමය දෙයියන්ගේ පිහිටෙන් සමෘද්ධි නමින් ක්‍රීයාත්මක වෙමින් වැඩකරන යෝජනය අගය කොට සලකමි.