තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය යෝජනා: රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස අඩු කරයි

    අයවැය යෝජනා: රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස අඩු කරයි

    රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරේ.

    ඒ අනුව දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතු වේ.

    මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අතුරු අයවැය මගින් මේ බව යෝජනා කර ඇත.

    ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද අතුරු අයවැයේ එය මෙසේ සඳහන් වේ.

    ■ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයන්ගේ අසහන තත්ත්වය වැඩි වන බව පෙනී ගොස් තිබෙනවා. එසේම, විශ්‍රාම ගන්වන වයස වැඩිකිරීම නිසා රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා සීමා වී ඇති බව ද වාර්තා වී තියෙනවා.

    ■ මෙම තත්ත්වය අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. එසේම, දැනට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව සේවයේ නියුතුව සිටින සියලුම නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම ගන්වනු ලබනවා.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img